හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නවතම තත්ත්වය..

Mahinda Rajapaksa
By krishani Jun 30, 2022 08:52 AM GMT
krishani

krishani

Report

අද දින සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පල විය.

හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසුවේ එසේ පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඔහු පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් ය.