හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය මේ වන විට ස්ථාවර වී යහපත් අතට හැරෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අප ඔහුගේ ප්‍රකාශක මනෝජ් ගමගේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවීය.