රුහුණු වෛද්‍ය පීඨයේ වාර්ෂික ශිෂ්‍ය බඳවා ගැනීම් 200 දක්වා ඉහළට

Report

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මහල් 12ක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු වාර්ෂිකව වෛද්‍ය සිසුන් 200 දෙනෙකු දක්වා ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව දැනට වාර්ෂිකව ඇතුළත් කර ගන්නා වෛද්‍ය සිසුන් සංඛ්‍යාව වන 160, වසර හතරක කාලයක් තුළ ක්‍රමානුකූලව 200 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, වසරකට වෛද්‍ය සිසුන් 10 බැගින් ඇතුළත් කර ගැනීම වැඩි කරමින් වසර හතරක් තුළ සිසුන් 40කින් බඳවා ගැනීම් ඉහළ නැංවීමට නියමිතය.

ඒ අනුව, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වාර්ෂිකව ඇතුළත් කර ගන්නා වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 200 දක්වා ඉහළ යනු ඇත.

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

වැස්සත් එක්ක මධ්‍යම පළාතට නායයෑමේ අවදානමක්- නුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ලට හදිසි ආපදා සූදානමක්

වැස්සත් එක්ක මධ්‍යම පළාතට නායයෑමේ අවදානමක්- නුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ලට හදිසි ආපදා සූදානමක්

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්