මරණ දණ්ඩනය තහවුරු වූ හිටපු පොලිස්පතිට සහ පුතුට තවත් දඬුවමක්. - බිරිඳටත් තීන්දුවක්.

Sri Lanka Police Supreme Court of Sri Lanka
By Wayomi Aug 08, 2024 01:04 PM GMT
Wayomi

Wayomi

Report

මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් තවත් තීන්දුවක් ලබාදෙනු ලැබුවා.

ඒ, බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් සහ වාස් ගුණවර්ධනට රුපියල් 20,000ක දඩයක්.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


ඊටත් අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් 4කට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16ක් බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම් වසර 04 කින් ගෙවා අවසන් විය යුතු බවත් නියෝග කර තිබෙනවා.

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)


එමෙන්ම එම විත්තිකරුවන්ට තිදෙනාට රුපියල් 82,000ක් බැගින් දඩ මුදල් ද නියම කරනු ලැබුවා.

ඒ, 2009 වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයෙකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරුවන් කරමින්.

ඇරපු අතක් නෑ ආයේ "අප ඉගෙන ගත්තේ ඔබෙන්.."- බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදයි. - (PHOTOS)

ඇරපු අතක් නෑ ආයේ "අප ඉගෙන ගත්තේ ඔබෙන්.."- බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදයි. - (PHOTOS)


මේ අතර මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 08ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම වසර 04 කින් ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කර ඇත.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.


ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක්ද නියම කෙරුණි.

ඡන්දේට ෆේස්බුක් ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා ගැන හෙළි වූ ඇත්ත.?

ඡන්දේට ෆේස්බුක් ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා ගැන හෙළි වූ ඇත්ත.?


එමනේම මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදි.

හිටපු පොලිස්පති සහ ඔහුගේ පුතු ඇතුළු 6කට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ.

හිටපු පොලිස්පති සහ ඔහුගේ පුතු ඇතුළු 6කට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ.


ReeCha