ඇරපු අතක් නෑ ආයේ "අප ඉගෙන ගත්තේ ඔබෙන්.."- බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදයි. - (PHOTOS)
බංග්ලාදේශයේ විරෝධතා කරුවන් විසින් එරට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට ස්තුති කර තිබුණා.
එරට අරගලකරුවෙක් තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙම මේ පිළිබඳව ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාවෙන් බවයි.
කාලයක් ලෝකයේ දුප්පත්ම රටක් වූ බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන බංග්ලාදේශය 2009 සිට ෂෙයික් හසීනාගේ නායකත්වය යටතේ සැලකිය යුතු ආර්ථික සාර්ථකත්වයක් අත්කර ගනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර පසුගිය වසර 20 තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුවද ප්‍රකාශ කළා.
එරට පළමු නායකයා වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ වැඩිමහල් දියණිය වන හසීනා 1996 වසරේදී බහුපක්ෂ මැතිවරණයකින් ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර හසීනා එරට හඳුන්වනු ලබන්නේ, "සටන් වදින බේගම්වරියක්" ලෙසයි.
පසුව 2009 වසරේදී නැවතත් බලයට පත් වූ හසීනා සිව්වැනි වරටත් මේ වසරේදී බලයට පත්වුවද ඇය ආර්ථික සාර්ථකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝණය කරමින් පැමිණ ඇති බවට චෝදනා එල්ල විය.
එමෙන්ම 1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව පසුගිය ජූනි මාසයේදී ශිෂ්‍යයින් උද්ඝෝෂණ ආරම්භ කළා.
මෙහිදී එම උද්ඝෝෂණ පාලනයට රජය දැඩි ලෙස බලය පාවිච්චි කළ අතර, උද්ඝෝෂණ අතරතුර විශාල පිරිසකට ජීවිත අහිමිවුණා.
පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රජයේ තීරණය වෙනස් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබූ අතර එරට තුළ උද්ඝෝෂණ තරමක් දුරට අඩු වුවත්, පසුගිය සතියේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වූයේ දේශපාලන මුහුණුවරක් ගනිමින්.
එහිදී උද්ඝෝෂකයින් රජයට බලකර සිටියේ අගමැතිවරිය වහාම ධූරයෙන් ඉවත්විය යුතු බවටයි.
මේ අතර අගෝස්තු 04 ,(05)දිනයන් තුළ පැවති උද්ඝෝෂණවලින් 100කට ආසන්න පිරිසක් මියගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
දැඩි විරෝධතා හමුවේ අගෝස්තු (05) අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගියා.
කෙසේ වෙතත් ජන අරගලයන් හමුවේ එම අරගලකරුවන් කටයුතු කර තිබුනේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව නෙරපා හැරීම සඳහා ශ්‍රී ලාංකික අරගලකරුවන් කටයුතු කළ ආකරයෙන්ම වීම විශේෂත්වයකි.















