ලබන වසරේදි විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යැවීමට සැලසුම්
ලබන වසරේදී මෙරට ශ්‍රමිකයින් ලක්‍ෂ 3 ක් විදේශ රැකියා සදහා පිටත්කර යැවීමට සැලසුම් සකස් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාල සීමාවේ විදේශ රැකියා සදහා පිටත්වීමේ අඩුවක් පැවතියද මේ වනවිට ක්‍රමයෙන් විදේශ රැකියා සදහා පිටත්වන පිරිස වැඩි වී ඇති බවයි.
මේ අතර කලාපීය සහයෝගිතා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කොරියාවේ රැකියා සදහා මෙරට ශ්‍රමිකයින් පිටත්කර හැරීම දෙසැම්බර් 3 වනදායන් පසු යළි ආරම්භ කරන බවයි.
විදේශ රැකියා සදහා මෙරට ශ්‍රමිකයින් පිටත්ව ගියද ඔවුන් හරහා මෙරටට ලැබෙන ප්‍රේක්‍ෂණ ඉකුත් සමයේ ක්‍රමිකව අඩු වී තිබුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ද එය තහවුරු කරමින් ඉකුත්දා පැවසුවේ මෙරට ඩොලර් ප්‍රශ්නයට එයද හේතුවක් වී ඇති බවයි.
මෙරට බැංකු මගින් ඩොලර් සදහා ගෙවන මුදලට වඩා වැඩි මුදලක් කළුකඩ වෙළදපොලේදී ඩොලර්වලට ලැබීම හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් නීතිවිරෝධි ක්‍රම ඔස්සේ ඩොලර් මෙරටට එවන බව නෙත් නිවුස් දිගින් දිගටම පෙන්වා දුන්නා.
ඇතැම් ශ්‍රමිකයින් තමන් උපයාගන්නා ඩොලර් මෙරටට එවීමකින් තොරව සිය රට තුළම රදවාගෙන සිටින තත්ත්වයක්ද මතුව ඇති බවයි නෙත් නිවුස් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
වැඩි මිලට ඩොලර් විකුණන කළු කඩ වෙළදුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කලේ මේ අතරතුරයි.
ඔහු කියා සිටියේ මහ බැංකුව නියම කර ඇති අමෙරිකානු ඩොලරයේ අගය හා කළුකඩ වෙළඳපලේ අගය අතර වෙනස හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් නීතිවිරෝධී ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට පෙළඹි ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |