2022 නව අවුරුද්ද සදහා රැකියා අවස්ථා ලක්ෂ 3ක්..සියලු විස්තර මෙන්න..

sri lanka salary Foreing jobs priyankara jayarathna job bank
By Sewvandhi Jan 03, 2022 01:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

පසුගිය වසරේදී ශ්‍රමිකයින් 120,000 ක් පමණ විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමට හැකි වූ බවත්, කොවිඩ් වසංගතය පැවති සමයේදී රටවල් රැසක් අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවක සාර්ථකව විදේශ රැකියා ක්ෂේත්‍රය අඩපණ නොවී රැගෙන යාමට හැකි වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පි

යංකර ජයරත්න මහතා මෙම අදහස් පළකළේ, නව වසරේ රාජකාරි ආරම්භ කරමින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක මණ්ඩලය අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අවම වශයෙන් දිනකට ශ්‍රමිකයින් 850 දෙනෙකුවත් ලියාපදිංචි කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවය.

එම ඉලක්කය සපුරා ගැනීමට නම්, සියලුම නිලධාරීන් කැපවී සිටිය යුතු බවත්, එසේම විදේශ රැකියා නියෝජිතායතනවල සහයෝගය ද අත්‍යාවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ රැකියාලාභීන්, රැකියා නියෝජිතායතන හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාර්ථක ගමනක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවද ඔහු පැවසීය.

එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගි වූ අතර, ඊට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now