විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Politician Ministry of Foreign Affairs - sri lanka
By Aruna Dec 22, 2023 06:17 PM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

මියන්මාර රජය සමග එක්ව කටයුතු කරමින් මීට පෙර අවස්ථාවන්හිදී වරින් වර ලාංකිකයින් 32 දෙදෙනෙකු බේරාගැනීමට හැකිවූ බව ද එම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

මේ අතර, මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සයිබර් අපරාධ කලාපයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පහසු කාර්යක් නොවන බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසන්නේ.

නවතම තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එම ත්‍රස්ත ග්‍රහණයේ පසුවන බව ද වාර්තා වේ.

සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක ග්‍රහණයට නතුව ඇතැයි පසුගිය දින කිහිපයේ තොරතුරු වාර්තා විය.

ඔවුන්, මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක සයිබර් වහලුන් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බව ද හෙළිවුණා.

මේ අතර, මියන්මාරයට ආසන්නයේ පිහිටි රාජ්‍යයක් වන ලාඕසය වෙතටද මේ ආකාරයෙන්ම තායිලන්තයේ රැකියා ලබාදෙන පවසා ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමට යොදාගෙන ඇති බව පසුගිය දින වල වාර්තා වේ.

මේ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Gallery
ReeCha