කුරුණෑගලින් කොටු වූ විදේශ රැකියා ජාවාරම.
ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා අදාළ බඳවා ගැනීම් සිදු කර ඇත්තේ,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිවයි.
මෙම ආයතනය කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට පවත්වාගෙන ගිය අතර, මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, වලංගු රැකියා ඇණවුමකින් තොර ව විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කරන බවට ලද තොරතුරක් මතයි.
මෙම වැටලීම සිදු කර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි. සැකකරු, සමාජ මාධ්‍යය ඔස්සේ දැන්වීම් පළ කරමින් රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරන්නේ,අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 272ක්, ජීව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි.
