හරිත මාවතේ වැඩ දාන්න ගිය කාන්තාව අත්අඩංගුවට

Report

රුපියල් ලක්ෂ 30ක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනැවිත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ "හරිත මාවත" ඔස්සේ පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක්ව ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන අතර ඇය අද (31) උදෑසන 05.45 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ සුවඳ විළවුන්, රූපලාවන්‍ය ආලේපන, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙන්ම මත්පැන් බෝතල් තොගයක් ද සඟවාගෙන රැගෙනවිත් තිබූ බව තොරතුරු වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සැකකාරිය අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?