ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවෙන් සුබම සුබ ආරචියක්
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේදී වාර්තා කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
එබැවින් මේ වසරේදී ආයුර්වේද සංස්ථාව රුපියල් මිලිය 1,660ක ආදායමක් වාර්තා කර ඇති බව අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් 2025 වර්ෂයේදී හඳුනාගත් නව නිෂ්පාදන 7ක් එළිදැක්වීම සඳහා නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආයුර්වේද ක්ෂේත්‍රය යනු මෙරට ජනතාවගේ සුවතාවය වෙනුවෙන් වැඩ කළ යුතු, රජය විසින් ආයෝජනය කළ යුතු පර්යේෂණ කළ යුතු හා එහි ප්‍රතිලාභ නිරන්තරයෙන් ලැබිය යුතු ක්ෂේත්‍රයක් බවයි.