ළමුන් 40කට ආහාර විෂ වෙයි..හෝටල් 05කට නඩු..

Police spokesman Sri Lanka Police Galle Ministry of Health Sri Lanka
By Aruna May 31, 2023 05:58 AM GMT
Aruna

Aruna

Report

හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක ක්‍රීඩා තරගයක් සඳහා සහභාගිවූ ළමුන් 40ක් ආහාර විෂවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වනවා.

ඒ හේතුවෙන් අදාළ හෝටලය හික්කඩුව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක්කර තිබූ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, හෝටලයේ ජල ටැංකිය අපවිත්‍රව තිබු බවයි.

ඒ අනුව,මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු පවසන්නේ, ජලය සහ ආහාර සාම්පල කළුතර රස පරීක්ෂක කාර්යාලය වෙත යොමුකළ බවයි.

මේ අතර මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විසින් එම හෝටලයට නඩු පැවරීමට ද කටයුතු කර ඇත.

තවත් හික්කඩුව නගරයේ ප්‍රධාන හොටල් කිහිපයක් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක්කර තිබූ අතර, එහිදී ආහාර පාන වැරදි ලෙස ගබඩා කළ පරිශ්‍ර සහ අපවිත්‍ර වූ හෝටල් 4ට නඩුපවරා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව හොටල් 5කට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now