අවුරුද්දට දෙන්න හදපු ආහාර මලු අනුරට අමතක වෙලා
වලේබොඩ දිළිඳු පවුල් වෙනුවෙන් සිංහල අවුරුද්දට ආහාර මල්ලක් ලබාදෙන බවට රජය සඳහන් කළත්, එම ආහාර මල්ල මෙතෙක් තමන්ට නොලැබුණු බව බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දිළිඳු ජනතාව කියති.
සිංහල අවුරුදු සමය වෙනුවෙන් එම ආහාර මල්ල ලබාදීමට සැලසුම් කළද පැවැති පළාත් පාලන මැතිවරණය හේතුවෙන් එය මැතිවරණ අල්ලසක් බව පවසමින් මැතිවරණ කොමිසම විසින් එය නතර කළ බව පැවැසූ බවද පසුව රජය නිවේදනය කළ බවද ජනතාව පවසති.
නමුත් මේවන විට පළාත් පාලන මැතිවරණයද පවත්වා අවසන් බවත් එම ආහාර මල්ල ගැන මේ වන විට රජයට අමතක වී ඇති බවද ජනතාව වැඩිදුරටත් පවසති.