බිත්තර,කුකුල් මස්,බිස්කට් ඇතුලු අත්‍යවශ භාණ්ඩ මිල වහාම අඩු කරන්න..(VIDEO)

Business Mobile Sri Lanka Businessman
By Aruna Aug 15, 2022 07:44 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට රටේ ආහාර සහ බිස්කටි වැනි ද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහළ යෑම පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

මේ හේතුවෙන් බිත්තරයක මිල රුපියල් 60ක් ඉක්මවා ඇති බවත්,කුකුල් මස් කිලෝවක් රුපියල් 1500ක් ඉක්මවා ඇති බවත්,එවැනි තත්ත්වයක් නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි අසේල සම්පත් මහතා අවධාරණය කළේ.

තවද බිස්කටි පැකට්ටුවක මිල අහස උසට ඉහළ ගොස් ඇති බැවින් මේ සඳහා වෙළඳ පොලෙහි භාණ්ඩ මිල සම්බන්ධයෙන් වහාම නියාමනයක් ඇති කරන ලෙසයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල සමපත් මහතා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now