"ආච්චිට හාල් ගරනවා" කියල කීවට ඒ මොකක්ද කියලා කවදාවත් හරියට දැනගෙන හිටිය ද?.(PHOTOS)

By krishani Dec 19, 2023 06:07 PM GMT
krishani

krishani

Report

"ආච්චිට හාල් ගරනවා"යන්න අප කාහටත් එදිනෙදා ජීවිතයේදී ඉතා හොඳින් හුරුපුරුදු පිරුළකි.

"ආච්චිට හාල් ගරනවා" කියල කීවට ඒ මොකක්ද කියලා කවදාවත් හරියට දැනගෙන හිටිය ද?.(PHOTOS) | Folk Customs Of Sri Lanka

කිසියම් වැදගත් කාරියක නිරත විය යුතුව තිබියදී එය අතහැර වෙනත් නොවැදගත් කාරියක නිරත වීම මුල්කොට යෙදෙන උපහාස භාෂණයක් වන මෙය හැඳින්විය හැකිය.

‘‘කියන වැඩේ වෙලාවට කරන්න බැරි නම් ගිහින් ආච්චිට හාල් ගරපන්’’ කිසියම් හාම්පුතකු තම සේවකයකුට එසේ කීම එම හාම්පුතා විසින් සේවකයාට පවරන ලද කාරිය නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධ අවලාද නැගීමක් සේ අපට වටහාගත හැකි ය.

ආච්චිට හාල් ගැරීම ආරම්භ වූ මීයන් ඇල්ලේ කතාව ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ දී බ්‍රිතාන්‍යයන් විසින් පලමුවෙන්ම ඉදිකරනු ලැබුවේ කොළඹ සිට බදුල්ල දක්වා වූ ප්‍රධාන දුම්රිය මාර්ගයයි.

එය අදියර කිහිපයක් යටතේ සිදුවූ අතර පලවෙනි අදියර යටතේ ඉදි වූයේ කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට කීනදෙනිය දක්වා වූ දුම්රිය මාර්ග කොටසයි.

කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානය මේ වන විට භාවිතයෙන් තොර වන අතර ඒ වෙනුවට කොළඹ කොටුව දුම්රිය ස්ථානය අද වන විට භාවිතයේ පවතී. කීනදෙනිය දුම්රිය ස්ථානය වර්තමානයේ අඹේපුස්ස ලෙසින් හැඳින්වේ.

"ආච්චිට හාල් ගරනවා" කියල කීවට ඒ මොකක්ද කියලා කවදාවත් හරියට දැනගෙන හිටිය ද?.(PHOTOS) | Folk Customs Of Sri Lanka

දෙවන අදියර යටතේ පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ වන අතර ඉන්පසු රඹුක්කන හරහා මහනුවර දක්වා දුම්රිය මාර්ගය තැනීම ආරම්භ විය. මධ්‍යම කඳුකරයේ දොරටුව ලෙසින් හඳුන්වන රඹුක්කනින් පසුව හමුවන කඳු බෑවුම් සහිත භූවිෂමතා ලක්ෂණ ඔස්සේ දුම්රිය මග ඉදිකිරීමේදී බ්‍රිතාන්‍යයන්ට අභියෝග රාශියකට මුහුණ දෙන්නට සිදුවිය.

රඹුක්කනින් පසුව සැතපුම් හතරක වැනි දුරක් ඇතුලත පලමුවෙන්ම ඉදිවූයේ කඩිගමුව දුම්රිය ස්ථානයයි. ඉන්පසුව වර්තමානයේ ගංගොඩ නමින් හඳුන්වන බැද්දේවෙල දුම්රිය ස්ථානය ඉදිවිය.

බැද්දේවෙල සිට ඉදිරියට දුම්රිය මාර්ගය ඉදිවූයේ ඒ ආසන්නයේ ඇති යෝධ අලගල්ල කඳුවැටියේ බෑවුමේ සිදුකරන ලද කැපුමක් ඔස්සේ වන අතර එය ඉතා ඝීඝ්‍ර බෑවුමක් විය.

මෙම ඝීඝ්‍ර බෑවුම ඔස්සේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී බ්‍රිතාන්‍යයන්ට තවත් දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්නට විය. ඉදිරියෙන් දක්නට ලැබුණේ අලගල්ල බෑවුම ඔස්සේ ඇදහැලෙන උසින් ඉතා වැඩි දියඇල්ලකි.

අවට ගම්වාසීන් එම දියඇල්ල හැඳින්වූයේ මීයන් ඇල්ල ලෙසිනි. අලගල්ල කඳුවැටියෙන් ආරම්භ වන උල්පත් මගින් නිර්මාණය වන මීයන් ඇල්ල ලෙසින් මේ ගලාබසින්නේ වලගොඩ ඔයයි.

මීයන් ඇල්ල නිර්මානය වීමෙන් පසුව අවට ගම් කිහිපයක් මැදින් ගලා බසින වලගොඩ ඔය අවසානයේදී මා ඔය හා එක්වේ. අතීතයේ මෙයින් සෑහෙන තරමේ ජල ප්‍රවාහයක් පහලට ඇදහැලෙමින් පැවතී ඇති අතර එම ස්ථානයෙන් එහාට දුම්රිය මාර්ගය තැනීමට නම් බ්‍රිතාන්‍යයන් හට මෙම දියඇල්ල ඔස්සේ දුම්රිය මාර්ගය තැනීමේ අභියෝගයද ජය ගත යුතු විය.

එම අභියෝගය ජයගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් පලමුවෙන්ම මීයන් ඇල්ලේ ජල පහර දිය ඇල්ල ඇදහැලීම ආරම්භ වන ස්ථානයේ සිට සෑහෙන තරම් මුදුනේදී අවහිර කොට එම ජල පහර දෙකට බෙදා අලගල්ල බෑවුමේ ආසන්න ස්ථාන දෙකක් ඔස්සේ ඇදහැලෙන සැර බාල වූ ජල පහරවල් දෙකක් බවට පත් කරන ලදී.

ඉන්පසුව අලගල්ල බෑවුමේ එම ජල පහරවල් ඇදහැලෙන ගල් පොත්ත අදාල ස්ථාන දෙකේදී තරමක් ඇතුලට හාරා අලුතින් ඉදිකරන දුම්රිය මාර්ගය මතට ජල පහර නොවදින ලෙස සකස් කරන ලදී. අවසානයේදී දුම්රිය මාර්ගය තැනීම සඳහා බෑවුමේ හරහට තව දුරටත් සිදුකරන ලද කැපුම ඔස්සේ දුම්රිය මාර්ගය ඉදිවිය.

"ආච්චිට හාල් ගරනවා" කියල කීවට ඒ මොකක්ද කියලා කවදාවත් හරියට දැනගෙන හිටිය ද?.(PHOTOS) | Folk Customs Of Sri Lanka

සැබැවින්ම එය අතිශයින්ම දුර්ග මාර්ගයක් වූ අතර බ්‍රිතාන්‍යයන්ට එම දුර්ගය හරහා ඇදහැලුණු "මීයන් ඇල්ල" යන්න උච්ඡාරණය කිරීම ඉතා අපහසු වී ඇත.

"මීයන් ඇල්ල" යන්න "මීන්ගල්ල" ලෙසින් උච්ඡාරනය කරනු ලැබූ බ්‍රිතාන්‍යයන් මෙම දුර්ගය හැඳින්වූයේ "මීන්ගල්ල දුර්ගය" (Meengalla Pass) ලෙසිනි.

මීන්ගල්ල දුර්ගය ඔස්සේ ඉදිවූ දුම්රිය මාර්ගය තව මද දුරක් ඉදිරියට ඉදිවීමෙන් අනතුරුව එම ස්ථානයේ දුම්රිය ස්ථානයක් ඉදිවිය. අලගල්ල කන්ද පාමුල ඉදිවූ එම දුම්රිය ස්ථානය එකල අලගල්ල ලෙසින් හැඳින්වූ අතර වර්තමානයේදී එය ඉහල කෝට්ටේ නමින් හැඳින්වේ.

අලගල්ල බෑවුමේ මීයන් ඇල්ලේ අභියෝගය බ්‍රිතාන්‍යයන් එලෙස ජයගත්තද, අධික වර්ෂා සමයන්හිදී මෙම මීයන් ඇල්ල ආශ්‍රිත දුම්රිය මාර්ග කොටසට නොයෙකුත් උපද්‍රව වලට මුහුණ දීමට සිදුව ඇත.

අධික වර්ෂා සමයන්හිදී මේ ආශ්‍රිතව නායයාම් බොහෝ සෙයින් සිදුවී ඇති අතර දුම්රිය මාර්ගයට ගල් කුට්ටි කඩා වැටීම නිරන්තරයෙන් සිදුවී ඇත. එපමණක් නොව අධික වර්ෂාවත් සමගම වැඩිවන මීයන් ඇල්ලේ ජල පහර දුම්රිය මාර්ගය මත පතිත වන්නට පටන්ගෙන ඇති අතර දුම්රිය මාර්ගය සේදීයාමේ අවදානමක්ද තිබී ඇත. එපමණක් නොව දුම්රිය මාර්ගය කොලඹ සිට නානුඔය දක්වා පමණක් ඉදිව තිබූ 1897 සමයේ කොළඹින් නානුඔය බලා පිටත්වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙම මීන්ගල්ල දුර්ගය ඔස්සේ වර්තමානයේ ඉහල කෝට්ටේ නමින් හැඳින්වෙන අලගල්ල දුම් රිය ස්ථානයට ලඟාවීමේදී නයයාමක් හේතුකොටගෙන මීන්ගල්ල දුර්ගයට කඩාවැටුණු ගල්කුට්ටිවල වැදී අනතුරට පත්ව ඇති අතර එම දුම්රියට පටවා තිබූ සහල් ගෝනි රාශියක්ද මෙම අනතුරෙන් හානියට පත්ව තිබේ.

"ආච්චිට හාල් ගරනවා" කියල කීවට ඒ මොකක්ද කියලා කවදාවත් හරියට දැනගෙන හිටිය ද?.(PHOTOS) | Folk Customs Of Sri Lanka

අනතුරෙන් පසුව හානියට පත් වූ එම සහල් ගෝනි ආපසු රැගෙන යාමට වඩා එම ස්ථානයේදී අතහැර දැමීම පහසු නිසා ඒවා මීන්ගල්ල දුර්ගයෙන් පහලට දැමුවාද එසේත් නැතහොත් නායයාම නිසා අනතුරට ලක්වූ සම්පූර්ණ දුම්රියම හෝ දුම්රිය මැදිරි කිහිපයක් මීන්ගල්ල දුර්ගයෙන් පහලට පෙරළුණාද යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තවමත් හමුවී නැතත් අදාල අනතුරෙන් පසුව සහල් ගෝනි රාශියක් මීන්ගල්ල දුර්ගයෙන් පහලට වැටී ඇති බව ජනප්‍රවාදයේ කියවේ.

ඒ බව ආරංචි වූ අවට ගම්වාසීන් එම සහල් තම පරිභෝජනය සඳහා රැගෙන යාමට මීන්ගල්ල දුර්ගයේ පාමුලට පැමිණ අතර ගමේ වයසක ආච්චිලා විශේෂයෙන්ම මේ සඳහා උනන්දු වී තිබේ.

එම ආච්චිලාගේ සහායට ගමේ බොහෝ තරුණ පිරිස්ද පැමිණි අතර ඔවුහු ගල් සහ පස් සමග මිශ්‍ර වී තිබූ සහල් ගැරීම සඳහා ආච්චිලාට සහාය වී තිබේ.

අද කාලය වනවිට සිංහලයේ ප්‍රසිද්ධ කියමනක් බවට පත්ව ඇති "ආච්චිට හාල් ගරනවා" යන්න ඇතිවූයේ මෙම දුම්රිය අනතුර පාදක කරගෙන ය.

උපුටා ගැනීමකී.