ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්..

Sri Lanka Floods In Sri Lanka
By krishani Jun 03, 2023 07:11 AM GMT
krishani

krishani

Report

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත්කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ක කාලය සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වය ඉදිරියටත් පැවැතිය හැකි ය.

එම තත්ත්වය මත කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතියි.

කෙසේවෙතත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා රථ වාහන ධාවනය කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join