ගංවතුරින් ආපදාවට ළක් වූ ප්‍රදේශවල පානීය ජලය භාවිතය ගැන අනතුරු අගවයි

Report

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරන්නේ ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිතයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවයි.

ඒ අනුව ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර තිබේ.

තවද එතුමා ජනතාව දැනුවත් කළේ පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති නිසා හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙසයි.

කුඩා දරුවන් හට විශේෂයෙන් උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබා දෙන ලෙස තවදුරටරත් ලේකම්වරයා සඳහන් කර තිබේ .

දැනට පවතින ආපදා තත්ත්වය හමුවේ මදුරුවන් බෝවීමේ ස්ථාන නිවාස අවට තිබිය හැකි බව සදහන් කළ එතුමා නිවාස පිරිසිදු කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කර තිබේ.

තවදුරටත් මේ පිළිබද අදහස් දැක්වූ චමිල් මුතුකුඩ මහතා සදහන් කළේ එසේ නොමැති වුවහොත් ඩෙංගු සහ චිකන්ගුන්යා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.