කොටස් වෙළෙඳපොළට අදත් හොඳ දවසක් - අද වෙළෙඳපොළේ තත්ත්වය මෙන්න

Report

ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (09) පෙරවරුවේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 165.73කින් ඉහළ ගොස් ඒකක 21,405.38ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 0.78ක වර්ධනයකි.

එසේම, වඩාත් සක්‍රීය සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකයද ඒකක 37.04කින් හෙවත් සියයට 0.61කින් ඉහළ ගොස් ඒකක 6,082.42ක් ලෙස සටහන් වී තිබේ.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට කොමර්ෂල් බැංකුව, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස්, හේමාස් හෝල්ඩිංග්ස් සහ ඇම්බියන් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

එහිදී ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් කොටසක මිල සියයට 10කින් ඉහළ ගොස් රුපියල් 30.80ක් ලෙස සටහන් වූ අතර ඇම්බියන් හෝල්ඩිංග්ස් කොටසක මිල සියයට 6.02කින් ඉහළ ගොස් රුපියල් 37ක් ලෙස සටහන් වී තිබේ.

කෙසේ වෙතත්, නමුනුකුල ප්ලාන්ටේෂන්ස්, LOLC හෝල්ඩිංග්ස් සහ ෂෙව්රන් ලුබ්‍රිකන්ට්ස් ලංකා යන සමාගම්වල කොටස් මිල පහළ යාම දර්ශකයේ වර්ධනයට අහිතකර ලෙස බලපා ඇත.

මේ අතර, අද පෙරවරුව වන විට කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 428.31ක් ලෙස වාර්තා වී තිබේ. එහිදී රුපියල් මිලියන 82.53ක පිරිවැටුමක් වාර්තා කරමින් ප්‍රාග්ධන භාණ්ඩ අංශය ඉදිරියෙන් පසුවිය.

බන්ධනාගාර රැදවියන් අතර දරුණු රෝගී තත්ත්වයක් පැතිරේ - රැඳවියන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරේ

බන්ධනාගාර රැදවියන් අතර දරුණු රෝගී තත්ත්වයක් පැතිරේ - රැඳවියන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරේ