CCIBයට ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පිටව යයි

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අද (09) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් (CCIB) පිටව ගොස් තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ කැඳවීමකට අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පැමිණියහ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කැඳවා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රාජයේ සේවකයන් අද දැවැන්ත වැඩ වර්ජනයක් - කිසිවෙකු සේවයට වාර්තා නොකරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රාජයේ සේවකයන් අද දැවැන්ත වැඩ වර්ජනයක් - කිසිවෙකු සේවයට වාර්තා නොකරයි