ගෑස් ලිප අක්‍රීයව තිබියදීත් පිපිරීමක් - අදත් ගෑස් අනතුරු 5ක් (PHOTOS)
පාදුක්ක, හංවැල්ල සහ හැටන් යන ප්‍රදේශවලින්ද ගෑස් පිපිරීම් සිද්ධි 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ගෑස් අනතුරු සිද්ධි සංඛ්‍යාව 5කි.
හංවැල්ලේ නිවසකත් ගෑස් පිපිරුමක් (කේ බුද්ධික කුමාරසිරි සහ අජිත් නන්දන ) හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ආ ගෑස් සිලින්ඩරයක් ගෑස් ලිපට සම්බන්ධකර සුළු වේලාවක් තුලදී එම ගෑස් ලිප පුපුරා ගිය බවට එම නිවසේ කාන්තාව අද (29) උදෑසන පැමිණිල්ලක් සිදු කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
ගෑස් සිළින්ඩරය ඉකුත් 24 දින හංවැල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිලට ගත් බවත් ඊයේ (28) දින රාත්‍රී පලමුවරට ගෑස් ලිපට සම්බන්ධ කර වතුර රත් කිරීමට කටයුතු කල අවස්ථාවේදී එක්වරම යමක් පුපරා යන හඩ ඇසී විත් බලන විට ගෑස් ලිප පුපුරා ගොස් තිබෙන දැක වහාම නිවසින් පිටත තිබූ ගෑස් සිලින්ඩරයේ ගෑස් ලබාදීම වසා දැමීමට කටයුතු කල බවත් මෙම කාන්තාව සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි
අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් ගෑස් සිලින්ඩරය ගලවා ඉවත් කර එහි ගෑස් නිකුත් වන ස්ථානයට සබන් පෙන ස්වල්පයක් දැමීරෙම්දී එම ස්ථානයෙන් වායු බුබුළු පිටවන ආකාරයක් දකින්නට ලැබුණු බැවින් ගෑස් අලෙවි නියෝජිතයා ඒ පිලිබදව දැනුවත් කර ගෑස් සිලින්ඩරය නිවසේ පිටතින් තැබීමට කටයුතු කල බවද අදාල පැමිනිල්ලෙහි වැඩි දුරටත් සදහන් බව බවද පොලිසිය පවසයි.
"වතුර උණු කරන්න ගෑස් ලිප පත්තු කළා. ටික වෙලාවක් යද්දි ලිප පිපිරුවා. අපි ඉක්මණට ගෑස් සිලින්ඩරය අයින් කළා. ගෑස් නියෝජිතයට කතා කරලා කිව්වා. එයා ඇවිත් සබන් වතුර දාලා බැලුවාම.. සිලින්ඩරයේ වෑල් එකෙන් පෙන ආවා. අපි පුරුද්දක් ලෙස ගෑස් සිලින්ඩරය නිවසෙන් එළියේ තියලා තමයි පාවිච්චි කරන්නේ."
සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ. මේ අතර පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ගෑස් ලිපකට සම්බන්ධ කර තිබූ ගෑස් බටය පුපුරා ගොස් තිබේ. එහි හිමිකරු සඳහන් කළේ ගෑස් ලිප ක්‍රියාත්මක නොවී තිබූ අවස්ථාවක මෙම පිපිරීම සිදුවූ බවය.
"වැඩ ඉවර කරලා ගෑස් ලිප ඕෆ් කරලා තිබුණේ. බටෙත් එක්ක තමයි පිපිරුවේ. මේක ලේයර් 3ක් තියෙන අලුත් බටයක්. සිලින්ඩරය දින කිහිපයක් පාවිච්චි කරලා තිබුණේ." ගැස් කාන්දුවක් හේතුවෙන් තවත් ආපනශාලාවක පිපිරිමක් සිදුවී ඇතැයි වාර්තා වෙයි.
අද (29) උදෑසන එම අනතුර සිදුවී ඇත්තේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකය. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අදාළ ආපනශාලාවේ හිමිකරු කියා සිටියේ,
" මම කාලයක් තිස්සේ ආපනශාලාව පවත්වාගෙන යනවා. අද උඈසන ආහාර පිසිමින් සිටියදී ගැස් ටැංකිය සහ ගැස් ලිප අතර ගැස් නලය එකවරම පුපුරා ගොස් ගින්නක් ඇති වුණා." අනතුරෙන් ආපනශාලාවට හානි සිදුවී තිබේ.
පොල්ගස්ඕවිට සියඹලාගොඩ රණවිරු ප්‍රේමසිරි මාවතේ පිහිටි නිවසක හිමිකරු ඊයේ මිලදීගත් ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීමේ සිද්ධියක් අද පෙරවරුවේ වාර්තා කළේය.
එම ගෑස් සිලින්ඩරයේ වෑල්වයෙන් ගෑස් කාන්දුවන ආකාරය නිවසේ හිමිකරු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි. මේ අතර ජා ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රීයේදී ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවූ බව නිවැසියන් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





