රාගම කළඹපු වයරල් වීඩියෝව නිසා කාන්තාවගේ කොණ්ඩේ බලෙන් කපලා පහර දුන් සැකකරුවන් 5ක් අත්අඩංගුවට[VIDEO]

Report

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී එහි අලෙවියට තිබූ භාණ්ඩ සොරකම් කර හසුවූයේයි කියමින් කාන්තාවකට කෲර ලෙස පහර දී එම කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින්.

ඒ අනුව රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

මිනිස්සු හිනස්සපු බන්දු සමරසිංහයි බිංදුයි අලුත් අවුරුද්දේ ‍ප්‍රේක්ෂකයන් අඬවයි - වීඩියෝව දැකලා බුකියෙම සතුටු කඳුළු නෑවෙයි

මිනිස්සු හිනස්සපු බන්දු සමරසිංහයි බිංදුයි අලුත් අවුරුද්දේ ‍ප්‍රේක්ෂකයන් අඬවයි - වීඩියෝව දැකලා බුකියෙම සතුටු කඳුළු නෑවෙයි

එසේම විමර්ශන කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු රාගම පොලිසිය විසින් සිදුකිරීමට නියමිත බව සඳහන්. 

කෝටි 200 වංචා නඩුවේ සැමියාට එරහිව රජයේ සාක්ෂිකාරියක් වීමට ජැකලින් සූදානම්ලු

කෝටි 200 වංචා නඩුවේ සැමියාට එරහිව රජයේ සාක්ෂිකාරියක් වීමට ජැකලින් සූදානම්ලු

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

අඳාළ වීඩියෝව පහතින්,

Design