යාපනය හොල්ලපු තරුණයෙකු පැහැරගෙන රඳවාගෙන අමානුෂික වධ දුන් 5 දෙනෙකු අත්ඩංගුවට

Report

යාපනය ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තියුණු කඩු සහ මත්ද්‍රව්‍ය සමඟ බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 5 වනදා යාපනය හින්දු විද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී මෙම කණ්ඩායම විසින් තරුණයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

පසුව ඔහුව රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ඇඳුම් ඉවත් කර අමානුෂික ලෙස පහරදී වධහිංසා සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. බරපතළ තුවාල ලැබූ එම තරුණයා යාපනය බොස්කෝ පාසල අසලට රැගෙනවිත් දමා සැකකරුවන් පලාගොස් ඇති බව සඳහන් වේ.

මෙහෙයුම සාර්ථකයි - මීගමුව බන්ධනාගාරයේ අතුරුදන් වුණු ගිනි අවිය සොයා ගනියි

මෙහෙයුම සාර්ථකයි - මීගමුව බන්ධනාගාරයේ අතුරුදන් වුණු ගිනි අවිය සොයා ගනියි

බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලීසිය තුවාල ලැබූ තරුණයා සොයාගෙන ඇති අතර, ඔහුව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටියදී මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ධාවනය වූ මෝටර් රථයක් නතර කිරීමට සංඥා කර ඇත.

එහෙත් එම රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එය ලුහුබැඳ ගොස් වටලා සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

අදාළ මෝටර් රථය යාපනය ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයකට අයත් එකක් බවට පොලීසිය සැක පළ කරයි.

පරීක්ෂා කිරීමේදී මෝටර් රථය තුළ තිබී තියුණු කඩු දෙකක්, රථයේ දොරවල් සහ ආසනවල තිබූ ලේ පැල්ලම්, ලේ තැවරුණු ඇඳුමක් මෙන්ම සැකකරුවන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.5ක පමණ ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ යාපනය අපරාධ වැළැක්වීමේ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

ලෝන් ගන්න යන ඔයාගේ පෞද්ගලික දත්ත සියල්ල අනතුරේ - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ලෝන් ගන්න යන ඔයාගේ පෞද්ගලික දත්ත සියල්ල අනතුරේ - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්