ලෝන් ගන්න යන ඔයාගේ පෞද්ගලික දත්ත සියල්ල අනතුරේ - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
ලියාපදිංචි නොකළ මාර්ගගත ණය ලබාදෙන ජංගම දුරකථන යෙදවුම් මඟින් සුළු ණය මුදල් ලබාගෙන, පසුව තමන්ගේ පෞද්ගලික දත්ත ජාවාරම්කරුවන් අතට පත්වීමෙන් දැඩි ලෙස බ්ලැක්මේල් වීමේ සහ අපහසුතාවයට පත්වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොලීසිය සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි.
මෙවැනි වංචනික ණය යෙදවුම් මඟින් පුද්ගලික දත්තවලට සහ පුද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදුවන බැවින්, කිසියම් App එකක් දුරකථනයට ස්ථාපනය කිරීමට පෙර එය මඟින් ඉල්ලා සිටින අවසරයන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙස පොලීසිය අවධාරණය කරයි.
විශේෂයෙන්ම ඔබගේ දුරකථන සම්බන්ධතා ලැයිස්තුව, ඡායාරූප සහ පණිවිඩ පරිශීලනය කිරීමට ඉල්ලා සිටින අවසරයන් කිසිසේත්ම ලබා නොදෙන ලෙසත්, මෙවැනි වංචාවලට හසු නොවී නීත්‍යානුකූල මූල්‍ය ආයතන පමණක් භාවිත කරන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
එම නිවේදනය පහතින්,
"ලියාපදිංචි නොකළ Online Loan Apps මගින් සුළු ණයක් ලබාගෙන පෞද්ගලික දත්තවලට සහ පෞද්ගලිකත්වයට හානි කරගනිමින් Blackmail වීමට ලක් නොවී, App එකක් Install කිරීමට පෙර ඉල්ලා සිටින Permissions පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්න"