ඉන්දියාව විරුද්ධව ශ්‍රී ලංකා මුහුදේ ප්‍රභල විරෝධතාවයක්..(VIDEO/PHOTOS)
Police
Jaffna
Indian
Fishermen
By Aruna
ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද විරෝධතාවයක නිරත වනවා.
මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු 100ක් පමණ යොදාගනිමින් එම විරෝධතාවය පැවැත්වීමට උතුරු පළාතේ ධීවරයින් කටයුතු කර තිබුණා.
ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතාදමන ලෙසට හා ඉන්දීය ධීවරයින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් හා දැල්වලට හානි කිරීම්වලට විරුද්ධව විරෝධතාවය සංවිධානය කර තිබුණා.
වසර ගණනාවක සිට පවතින ඉන්දීය ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් උතුරු පළාතේ ධීවරයින් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


