ජාත්‍යන්තර මුහුදට වැටුණු ගිනි අවි ගැන පොලීසියෙන් විමර්ශන

CID firearms international waters indunisia Spanish
By Sewvandhi May 31, 2021 03:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දුනීසියාවේ සිට ස්පාඤ්ඤ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකට ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 10ක් දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගිනි අවි සහ තවත් උපකරණ දොඹකරයක් මගින් නැවට පැටවීමට යාමේදී ඉන් කොටසක් මුහුදට වැටීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ ගිනි අවි නැව වෙත ගෙන ගිය යාත්‍රාව පැද වූ පුද්ගලයා විසින් ගාල්ල වරාය පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි. පැමිණිල්ල සිදු කළ පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ නැව් ආරක්ෂක සමාගමක නියෝජිතයින් තම යාත්‍රාවෙන් අදාළ ගිනිඅවි සහ තවත් උපකරණ දොඹකරයක් මාර්ගයෙන් නැවට පැටවීම පසුගිය 28 වනදා උත්සහ කළ බවයි.

කෙසේ වෙතත් අයහපත් කාලගුණයත් සමඟ අධික සුළං නිසා මුහුද රළු වීම හේතුවෙන් දොඹකරය නැවේ බඳේ වැදී ඒවා මුහුදට වැටී ඇති බවද යාත්‍රාව පැදවූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට වාර්තා කිරීමත් සමඟ නාවික හමුදාවේ යාත්‍රා දෙකක් වහාම එම ස්ථානයට ගොස් සෝදිසි කර තිබුණා.

එහිදී ඒවායින් කොටසක් සොයාගෙන ඇතත් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 14ක්, ඒ සඳහා යොදන උණ්ඩ 2400ක පතොරොම් ගැබ්, ගමන් කතන, අවි බහාලන පෙට්ටි ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට හැකි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.  


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now