පිළියන්දල ව්‍යාපාරික ස්ථානයක ගින්නක්

By Sithumi Dec 27, 2021 12:15 PM GMT
Sithumi

Sithumi

Report

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර) පිළියන්දල දොලේකනත්ත හංදිය ප්‍රදේහයේ පිහිටි වාහන අමතර කොටස් ආයතනයක ඇති වූ ගින්නකින් දෙමහල් ගොඩනැගිල්ල ඇතුළු වාහන කොටස් ගිනි ගෙන විනාශ වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේ ගින්නක් හටගෙන පසුව එය උඩුමහල දක්වා පැතිර ගොස් ඇතැයි ද මෙරටට ආනයනය කළ වාහන අමතර කොටස් තොගයක් මෙසේ ගින්නෙන් මුළුමනින්ම විනාශ වී තිබේ ‍. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන රථ ගින්න නිවා දැමූ බවද පොලීසිය කියයි. 

ගින්නට හේතුව අනාවරණයවී නොමැති අතර ලක්ෂ විස්සකට ආසන්න වාහන අමතර කොටස් තොගයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි මහරගම පොලිසිය පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now