මෙරට දෙමහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක් - පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි (VIDEO)

Fire Accsident kadawatha
By Sithumi Aug 28, 2021 07:25 AM GMT
Sithumi

Sithumi

Report

කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ. අද (28) අළුයම එම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ගින්නෙන් නිවසේ සිටි 53 හැවිරිදි හා 57 හැවිරිදි යුවළ පිළිස්සී මියගොස් තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහර මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. 

 සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය අපරාධ පරික්ෂණ නිලධාරින් සහ කඩවත පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරයි.


ඊයෙ චීනයේ මෙවැනි සිදුවීමක් වාර්තා වුණා. ඒ මහල් ගොඩනැගිල්ලක් ගොඩනැඟිල්ලක් දරුණු ලෙස ගින්නෙන් විනාශ වීමයි. එම භයානක වීඩියෝ පහතින් නරඹන්න-: