හෝටලයක හදිසියේම ගින්නක්..

By Sithumi Aug 08, 2022 05:24 PM GMT
Sithumi

Sithumi

Report

හික්කඩුව වව්ලගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක අද (08) රාත්‍රි ඇතිවු ගින්නකින් එම හෝටලයේ සිව්වන මහල සම්පූර්ණයෙන්ම විනාශවි ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

රාත්‍රි 9.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පසුව ගාල්ල ගිනි නිවිම් ඒකකය පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කරන ලදි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැතත් හෝටලයට බරපතල හානි සිදුව ඇතැයිද පොලිසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවි නැති අතර හික්කඩුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.