බහුදින යාත්‍රාවක හදිසි ගින්නක්...ධීවරයින් 06කට බරපතලයි..

Fire
By Thaya Mar 30, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

දික්ඕවිට ධීවර වරායේ ඊයේ (29 වැනිදා) සවස බහුදින යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නකින් එයට දැඩි හානි සිදුව එහි සිටි ධීවරයන් සයදෙනෙකු පිලිස්සීමෙන් ඇති වූ බරපතළ තුවාල සහිතව රෝහල් ගත කොට ඇත. ඔවුන් අතරින් 4 දෙනෙකු රාගම රෝහලටත් 2ක් කොළඔ මහ රෝහලටත් ඇතුළත් කළ බව වත්තල පොලිසිය පවසයි. නාවික හමුදාවේ සහ කොළඹ ගිනි නිවන හමුදාවේ සහයෙන් ගින්න සහමුලින්ම මැඩ පවත්වනු ලැබීය.

දැනට කර ඇති පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් තම දිවා ආහාරය සකස් කර ගැනීමට ගෑස් ලිප ක්‍රියාත්මක කිරීමට යාමේදී හදිසියේ ගෑස් සිලින්ඩරය පුපුරා යෑමෙන් මෙම ගින්න ඇති වී තිබෙන බවය. මේ අවස්ථාවේ යාත්‍රාවේ තවත් ගැස් සිලින්ඩර් තුනක් තිබී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.