කෝප වූ බාල සොහොයුරා සහෝදරියගේ නිවසට ගිනි තියලා - නිවස සම්පූර්ණයෙන් දැවී යයි..

Sri Lanka Police Sri Lanka Fire
By krishani May 15, 2023 05:03 AM GMT
krishani

krishani

Report

ඊයේ (14), සොයුරියගේ නිවස ගිනි තබා විනාශ කළ බාල සොහොයුරෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වතුපිටිවල රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අයෙක් වේ.

ගිනි තැබීමෙන් පසු නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගින්නෙන් සොයුරියගේ දරුවාගේ පාසල් පොත්, නිල ඇඳුම් සහ උපකරණ ද විනාශ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ඊයේ (14) පිටබැද්දර නගරයේ අළුයම 01.00ට පමණ හටගත් ගින්නකින් සිල්ලර වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන්ම විනාශ විය.

අළුයම 03 පමණ වන විට ප්‍රදේශවාසීන් මාතර ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව සාර්ථකව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

කෙසේවෙතත් මෙම ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විමර්ශන ආරම්භ කර ඇත.

ගින්නට හේතුව විදුලි කන්දුවක් බව පොලීසිය සැක කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join