ගොඩනැගිල්ලක ගින්නක් - කෝටි ගාණක වටිනාකමින් යුත් උපකරණ රැසක් විනාශ වෙයි..
Sri Lanka
Fire
By krishani
පානදුර - කිරිබේරිය ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක සෞඛ්‍ය උපකරණ ගබඩාවක ගින්නක් හට ගෙන ඇත.
එම ගින්නෙන් ගොඩනැගිල්ල ඇතුලුව එහි භාණ්ඩ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
රුපියල් කෝටි 7කට වටිනාකමකින් යුත් භාණ්ඩ එහි තිබූ ඇති අතර මොරටුව හා දෙහිවල මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 11ක් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එම ගින්න මැඩපවත්වා තිබෙනවා.
එහි කොරෝනා ඇදුම් කට්ටල, මුහුණු ආවරණ, ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවේ දී භාවිතයට ගන්නා ඇදුම් කට්ටල ඇතුලු සෞඛ්‍ය උපකරණ රැසක් තිබී ඇත.
කෙසේවෙතත්, ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |