ගුවනට යැවූ බැලුනයක් කළ හදියක් - නිවසක් දැවී යයි..
Jaffna
Fire
By krishani
ඊයේ (06), යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ පූජාවක් අතරතුර දී ගුවන් ගත කළ බැලූනයක් ගිනි ගෙන දැවී නිවසක් මතට කඩා වැටී තිබෙනවා.
එම බැලූනය ගුවනට යවා විනාඩි තිහකට පමණ පසුව ගිනි ගෙන වැටී ඇත්තේ, යාපනයේ පේදුරුතුඩුව තුඹලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක වහලයක් මතටයි.
එම බැලූනය කඩාගෙන වැටීමෙන් නිවසේ වහලය මෙන්ම නිවසට ද ගිනි ඇවිලී විනාශ වී ඇත.
බැලුනය යවන ලද අවස්ථාවේ දී කෝවිල තුළ දෙදහසක් පමණ බැතිමතුන් සිට ඇත.
කෝවිලේ බාරකරුවන් පවසන්නේ, ඔවුන් බැලුනය කඩා වැටෙනු දැකීමෙන් පසුව එම ප්‍රදේශයට ගොස් ඇති බවයි.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්වෙට්ටිතුරෙයි පොලීසිය විසින් සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |