ප්‍රබල ප්‍රහාරයකින් තෙල් සහ ගෑස් වලටත් බලපෑම්..සමාජ ශාලාවක ගින්නකින් 29 දෙනෙක් මියයයි..

Russo-Ukrainian War Ukraine Fire Russia
By Aruna Apr 03, 2024 02:56 AM GMT
Aruna

Aruna

Report

සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙක් මියගොස් ඇති බව තුර්කි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

එම සමාජ ශාලාවේ අලුත්වැඩියා කටයුත්තක් අතරතුර දී ගින්න හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තුර්කියේ මෙම සමාජශාලාවේ කළමනාකාරිත්වය සහ අලුත්වැඩියාව සඳහා වගකිව යුතු පුද්ගලයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව ද එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර, යුක්රේනය රුසියාවේ දැවැන්ත තෙල් හා ගෑස් කර්මාන්තයට පහර දී තිබෙන පුවතක් ද වාර්තා වේ.

රුසියාවේ ආර්ථිකයේ විශාලතම ආදායම් මාර්ගය රුසියාවේ දැවැන්ත තෙල් හා ගෑස් නිදි වීම ද විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, දිගු පරාසයන් සහ වඩා දියුණු හැකියාවන් සහිත ඩ්‍රෝන යානා භාවිතයෙන් මෙම ප්‍රහාර සිදු කර ඇති බවයි.

කෘතිම බුද්ධිය භාවිත කරමින් මේ වනවිට යුක්රේනය ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමට පෙලඹි තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිදුවු ජීවිත හා දේපළ හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි පැවෙන්නේ.

මීට ප්‍රතිචාර දැක්වීමට රුසියාව කටයුතු කරන බවයි එරට ආරක්ෂක අංශ පවසා සිටින්නේ.

ReeCha