උපරිම සිල්ලර මිල ඉක්මවන්නන්ට ලක්ෂයක දඩ මුදලක්..?

economic fine taxes bandula gunawardhana management rice
By Sewvandhi Aug 04, 2021 02:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වී අලෙවි මණ්ඩලයේ හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් වී ගබඩා කර තබා ගන්නේ නම් එවැනි වී තොග රාජසන්තක කිරීමට අවශ්‍ය නීති සම්මත කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේබව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු පෙන්වා දුන්නේ මෙම පියවර ගනු ලබන්නේ පාරිභෝගික ආරක්ෂණය පාරිභෝගිකයන්ගේ යහපත සහ නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ගොවීන්ගේ යහපත උදෙසා බවයි.

රජය නියම කර ඇති උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි කරන පුද්ගලයන්ට පාරිභෝගික ආරක්ෂක පනත යටතේ නියම කෙරෙන රුපියල් 2500ක දඩ මුදල රුපියල් 100000 දක්වා වැඩි කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාවාරම්කරුවන් සිතා මතා සහල් හිගයක් ඇති කිරීමට කටයුතු කළ හොත් ඊට විකල්පයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර එවැනි අවස්ථාවලදී පාරිභෝගිකයාට පාලන මිලට සහල් ලබාදීම සඳහා ගබඩා කරන බව ද වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha