6 දෙනෙකුට ජීවිත අහිමි කළ මීගොඩ දන්සල් අනතුරේ අවසන් සැකකරුට අද දුන් තීන්දුව

Report

මීගොඩ මංසන්දිය ආසන්නයේදී අතිශය බිහිසුණු රිය අනතුරක් සිදුකරමින් අහිංසක පුද්ගලයන් 6 දෙනෙකු එකවර ජීවිතක්ෂයට පත් කිරීමේ ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් අදාළ මාරක කැබ් රථයේ අවසන් සැකකරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩබලන මහේස්ත්‍රාත් තරිඳු ගමගේ මහතා අද (07) වැනිදා නියෝග කරයි.

මෙලෙස බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලද්දේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන දොන් සරත් හෙට්ටිගේ නැමැති සැකකරුවෙකි.

පවතින කාලගුණයේ වෙනසක් - සිද්ධවෙන දේ ගැන පෙර දැනුම්දීමක්

පවතින කාලගුණයේ වෙනසක් - සිද්ධවෙන දේ ගැන පෙර දැනුම්දීමක්

මෙම දරුණු මාරක අනතුරු සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 3 දෙනෙකු ද දැනටමත් ලබන 16 වැනිදා දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පවසයි.

නුවරඑළිය මහ නගර සභාවේ ඩීසල් වංචාවක් - තොරතුරු එළියට

නුවරඑළිය මහ නගර සභාවේ ඩීසල් වංචාවක් - තොරතුරු එළියට