මාධ්‍ය දර්ශනයක් වෙන ඇල්ල බස් අනතුරේ අවසන් වාර්තාව

Report

ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු මියගිය අතර, එහි හේතුව තිරිංග පද්ධතියේ දෝෂය සහ රියදුරුගේ පාලනය අහිමිවීම බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසන් විමර්ශන වාර්තාව හෙළිදරව් කර ඇත.

පංචපුද්ගල කමිටුවේ වාර්තාවට අනුව, මෙම දෝෂ හේතුවෙන් බස් රථය වැල්ලවාය මාර්ගයේ 23 කි.මි. කණුව අසල අඩි 1,000ක ප්‍රපාතයකට පෙරළී ඇති බව හඳුනාගෙන ඇත.

එම වාර්තාව හෙට (22) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට භාරදෙනු ඇත.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

ඉකුත් 4 වැනිදා සිදුවූ අනතුරේදී මුලින්ම 15 දෙනෙකු මියගිය අතර, ප්‍රතිකාර ලබන කාන්තාවක් 12 වැනිදා මියගියේය. මියගිය අය තංගල්ල නගර සභාවේ සේවකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වන අතර, ඔවුන් විනෝද චාරිකාවක නිරතව සිටියහ.

 අනතුරෙන් පසු බස් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර ඇති අතර, චෝදනාව නිසි නඩත්තු නොකිරීමයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් රියැදීම වැළැක්වීමට රජයෙන් දැඩි පියවර

මත්ද්‍රව්‍ය භාවිතයෙන් රියැදීම වැළැක්වීමට රජයෙන් දැඩි පියවර

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්