ප්‍රධාන නගරයක හෝටලයේ ගින්නක්..05කට තුවාල..
Sri Lanka Police
Fire
Sapugaskanda
Accident
By Aruna
මහනුවර - ගලහ ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගෑස් කාන්දුවක් නිසා ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ, අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී එක්වරම ගින්නක් හටගෙන ඇති බවයි.
ගින්න නිවීමට උත්සහ කිරීමේ එහි සේවකයින් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනා ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.
ගෑස් කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |