පොහොර ආනයනය තහනම ඉවරයි..? බැසිල්ගෙන් නිවේදනයක්..?

sri lanka basil rajapaksha Fertilisers
By Sithumi Aug 03, 2021 10:45 AM GMT
Sithumi

Sithumi

Report

මෙරටට රසායනික පොහොර ගෙන්වීමට පනවා තිබූ තහනම ඉවත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

 අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්ව ඇති බවයි. 

 අගෝස්තු මස පළමු වැනිදා සිට පොහොර ආනයනය තහනම් ඉවත් කර ඇති බවත් බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායන පොහොර ගැනීමට හැකි බවත් එම නිවේදනය සඳහන්ව ඇතැයිද ඔහු පැවසීය. කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රයක් අන්තර්ජාලයේ නොමැති බවද ඔහු කියා සිටියේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha