පොහොර මිල පහතට..

Sri Lanka
By krishani Sep 20, 2022 06:00 AM GMT
krishani

krishani

Report

ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බව පොහොර ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික නන්දන සමරකෝන් ප්‍රකාශ කළේ ය.

ලෝක වෙළඳපොලේ පොහොර මිල පහත යෑම මිල අඩු කිරීමට හේතුව බවද ඔහු සඳහන් කළේ ය.