ඉන්ධන මිල සංශෝධනය අද
අද (31) පස්වරුවේ පෙබරවාරි මාසය සඳහා ක්රියාත්මක ඉන්ධන මිල සංශෝධනය ප්රකාශයට පත්කිරිමට නියමිතව ඇත.
ඒ අනුව, ඊට අදාල ඉන්ධන මිල නියාමන කමිටුව අද රැස්වීමට ද නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශ කර ඇත.
අවසන් වරට ජනවාරි මාසය සඳහා ක්රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ද ඉහළ දැමිම වාර්තා විය.