මෝදු වුන පිය සෙනෙහස මැද දරුවාව බේරගන්න එක පිම්මේ කිලෝමීටර 196ක් ආ පියා..
විනෝද චාරිකාවක් සඳහා කළුතර බේරුවල ප්‍රදේශයේ සිට බස් රථයකින් නුවරඑළියට පැමිණි පිරිසක් අතර සිටි වයස අවුරුදු 15ක දරුවකු හදිසියේ අසනීප විය.
ඒ පසුගිය මැයි 27 වැනිදා රාත්‍රියේ ය.
එහිදී සිහිසුන් වී සිටි තම දරුවා ඔවුන් පැමිණි බස් රථයෙන්ම නුවරඑළිය මහ රෝහලට රැගෙන ගොස් ඇත්තේ එම දරුවාගේ පියා විසින් ය.
එහිදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවයි.
එම අවස්ථාවේ දී දරුවාගේ පියා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ මින් පෙරත් දරුවා මෙලෙස අසනීප වන බවත් පුද්ගලික රෝහලකට රැගෙන ගොස් සුව කරගන්නා බවත් ය.
පසුව එම බසයෙන්ම සිය දරුවා රෝහලෙන් රැගෙන කළුතර බේරුවල පෞද්ගලික රෝහලට ගෙන ගොස් ඇත්තේ දරුවා පවුලේ වෛද්‍යවරයාට පෙන්වීමට ය.
එසේ වුව ද නුවරඑළියේ සිට සිය දරුවාවත් නංවාගෙන කිලෝමීටර 196 ක් බස් රිය පදවාගෙන කළුතර බේරුවල පෞද්ගලික රෝහලකට පැමිණිය ද එම රෝහලෙන් පවසා ඇත්තේ දරුවා මියගොස් ඇති බව ය.