ගින්නට හසු වූ තිදරු පියා ජීවිතක්ෂයට
Sri Lanka Police
Fire
Accident
Death
Sinhala news
By Kaushi
අද (11) දින නිවසේ දී හටගත් ගින්නකට හසු වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අලගන් කන්දයා නැමති වයස අවුරුදු 66 ක පුද්ගලයෙක්.

කොටහේනේ දැරියගේ සිදුවීමට අඳාළ ගුරුවරයට දීලා තියෙන්නේ අනිවාර්‍ය නිවාඩු ලු, ඒ කියන්නේ ගෙදර ඉන්නවට වැටුප් ලූ....(VIDEO)
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නිවසක දී මෙම ගින්න හට ගෙන ඇති බවට පොලිසිය වාර්තා කරයි.
ගින්නට හසු වී මියගිය පුද්ගලයා තිදරු පියෙක් බව ද සඳහන්. ගින්නට හසු වන විට ඔහු නිවසේ තනියම සිට ඇත.
නිවස තුළ ගින්නට හසු වුවත් ඉන්පසු ගින්නත් සමඟ නිවසින් පිටතට පැමිණ ඔහු ඇද වැටී ඇති බව ප්‍රකාශ කළ පොලිසිය සිදුවීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව පැවසුවා.
තව ද නිවසේ මුළුතැන් ගෙයි තිබිය දී පෙට්‍රල් තිබූ හිස් ගැලුමක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කළා.
