එක් දරු පියකු පාලමෙන් වැටෙයි සිදු වූ දේ..

By Sithumi Dec 25, 2021 12:00 PM GMT
Sithumi

Sithumi

Report

අද (25) පෙරවරුවේ බොල්ගොඩ ගඟට වැටුණු බව කියන එක්දරු පියෙක් සොයා පොලීසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පිළියන්දල මොරටුව මාර්ගයේ කොස්පැළෑන පාලම මතින් බොල්ගොඩ ගඟට වැටී ඇති එම පුද්ගලයා පසුව අතුරුදන්වී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කටුබැද්ද සිරිබර මැණිකේ පුර පදිංචිව සිටි වසන්ත ද සිල්වා නැමැති 46 හැවිරිදි එක්දරු පියෙකි. 

 ගඟට වැටුණු බව පැවසෙන එම පුද්ගලයා සිය බිරිඳගෙන් මීට වසර හතරකට පමණ පෙර වෙන්වී තනිව ජීවත්වූ අයෙකි. පාලම අසල වෙළෙඳාම් කළ පුද්ගලයෙකු පොලීසියට පවසා ඇත්තේ එම පුද්ගලයා ඊයේ දින ද පාලම අසල ගැවසෙන ආකාරය දැකතිබූ බවය.