තම දියණියව රැවටූ පුද්ගලයාට පියා සිදු කළ දේ. භයානක හෙලිදරව්ව
By Sithumi
පිත්තල භාණ්ඩවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මියගිය 25 හැවිරිදි පුද්ගලයා මීට කලකට පෙර සිදුකර ගත් පළමු විවාහයේදී දරුවන් දෙදෙනක් සිටින අතර ඔහු මෑතකදී 21 හැවිරිදි තරුණියක් රැගෙන ගොස් ඇයව ද විවාහ කරගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් පළමු විවාහයේ බිරිඳ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පාර්ශ්වයන් පොලීසියට කැඳවා සමථයකට පත්කර තිබේ.
දෙවන බිරිඳගේ පියා විසින් අදාළ පුද්ගලයාව සහ සිය දියණියව වෑන් රථයක නංවාගෙන තම නිවසට රැගෙනගොස් ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකින් පසු මෙම පහරදීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
එම පහරදීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවැනි බිරිඳගේ පියා, මව සහ ඇයගේ බාල සහෝදරයා ඇතුළු 5 දෙනෙකි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |