පුතාගේ ඉල්ලකය වැරදී පියා වෙඩි කයි.

Sri Lanka Police Shooting Death
By Wayomi Jan 29, 2024 08:25 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (28) රාත්‍රියේ පුතා එල්ල කළ වෙඩි පහරින් පියා මියගිය පුවතක් දැදිගම ජයලත් කන්ද ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි ඩබ්ලිව් .සම්පත් නම් අයෙක් වන අතර වෙඩිතැබීම සිදුකර කර ඇත්තේ 17 හැවිරිදි ඔහුගේ පුත්‍රයායි.

වල්ඌරන් කොටුකර ගැනීමට පියා සහ පුතා දෙපැත්තකින් ගොස් ඇති අතර, අනතුරුව පියා විදුලි පන්දම බිමට හරවා ලඳු කැලෑව අතරින් ගමන් කරමින් සිටිය දී පුතා ගිනිඅවිය ක්‍රියාත්මක කර ඇත.

පුතාගේ ඉල්ලකය වැරදී පියා වෙඩි කයි. | Father Dies From Son S Shot

එහිදී පුතා එල්ල කළ වෙඩිල්ලෙන් පියාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර, පියා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරුව තමා අතින් සිදුවු වැරැද්දෙන් පියා මියගොස් ඇති බව දැනගත් පුතා ඥාතියෙක් සමඟ පොලීසියට පැමිණ භාරවී ඇති බවයි වාර්තා වන්නේ.   

                                                                           Sponsored By Sarrita Jewellery

පුතාගේ ඉල්ලකය වැරදී පියා වෙඩි කයි. | Father Dies From Son S Shot

ReeCha