තිදරු පියෙකු මාරාන්තික පිහි පහරින් මිය ගිය ඇග කිළිපොලා යන කතාව

police sri lanka death Father
By Sithumi Nov 27, 2021 01:02 PM GMT
Sithumi

Sithumi

Report

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් අතුරතුර සිදුවූ පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. 

ගනේවත්ත තඹගල්ල ප්‍රදේශයේ දී ඊයේ (26) එම සිද්ධිය ඇතිවී තිබුණි. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගල්ගමුව, ඉහළ පලුකුමුදෑව ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකර සාලිය කුමාර නමැති 46 හැවිරිදි තිදරු පියෙකි. 

 වෘත්තීයෙන් මෝටර් රථ කාර්මිකයෙකු වන මියගිය පුද්ගලයා ඊයේ පස්වරුවේ ගනේවත්ත, තඹගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගෝලයෙකුගේ නිවසට පැමිණ තිබේ. 

එහිදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ගෝලයා විසින් කළ පිහි ඇනුමකින් අදාළ පුද්ගලයා මියගොස් ඇත. පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now