දිය නෑමට ගිය පියා සහ පුතුට සිදූ වූ ඇග කිලිපොලා යන දේ

By Sithumi Jan 01, 2022 02:04 PM GMT
Sithumi

Sithumi

Report

අද (01) පස්වරුවේ දෙනියාය කොළවෙනිගම සත්මාලේ ඇල්ලේ දියනෑමට ගිය පියා සහ පුතු එම ඇල්ලට වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. එලෙස මියගොස් ඇත්තේ ගාල්ල හපුගල ගිංතොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පියෙක් සහ 16 හැවිරිදි පුතෙකි.

පුතා විසින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී පය ලිස්සා ඇල්ල පහළට ඇදවැටී තිබූ අතර පුතා බේරාගැනීම සඳහා පියා ඇල්ලට පැන තිබේ.

එහිදී දෙදෙනාම අතුරුදන්වී ඇති අතර පසුව සිරුරු දෙක සොයාගනු ලැබීය. එකම පවුලේ මව, පියා, පුතා සහ දියණියන් දෙදෙනෙකු විනෝදය සඳහා මෙහි පැමිණ තිබුණි. ප්‍රදේශවාසියෙකු පැවසුවේ මෙම ස්ථානයේ මීට පෙර පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවය. පියා සහ පුතා වැටී ඇති ස්ථානය අඩි 40ක් පමණ ගැඹුරු බවද ප්‍රදේශවාසීන් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now