එකම තැනකදී පියාගේ සහ දියණියගේ ජීවිත උදුරා ගත් බිහිසුණු අනතුර.

Sri Lanka Police Accident Death
By Wayomi Feb 15, 2024 07:30 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ(14) සවස 6.30 ට පමණ යාපනය,ඉනුවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පියා හා වයස මාස තුනක් වු දියණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය චුන්නාකම් පොලිසිය පැවසුවේ, අනුරාධපුරය සිට කන්කසන්තුරය බලා ධාවනය වු දුම්රියේ වෑන් රථය ගැටී ඇති බවයි.

එම අනතුරින් වෑන් රථයේ ගමන්ගත් යාපනය ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සයන්තන් නමැති පුද්ගලයෙකු හා ඔහුගේ මාස තුනක් වන දියණියද ජිවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිඳද බරපතල තුවාල ලබා යාපනය රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ දුම්රිය ගමන් කරන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගය වසා නොතිබීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ReeCha