මම ජර්මනියට ආවේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවෙන්නලු.. කතා හදපු අයට ලුණු ඇඹුල් ඇතුව ජනපති දෙසයි

Report

තමන් ජර්මනියට පැමිණෙන්නේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවීමට බව ප්‍රකාශ කරනු දුටු බවත් පදනම් විරහිතව ජාතිවාදය කුළුගන්වමින් සිදුකරන ප්‍රකාශ ඔස්සේ සිදුකරනු ලබන ජාතිවාදී දේශපාලනයට නැවත රට තුළ ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) ජර්මනියේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමග හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ජර්මනියේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ, ජාතිවාදය මත පදනම්ව දේශපාලනය කිරීමට රට තුළ කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.

ඔහු නව නීති හෝ ක්‍රියාමාර්ග මගින් එවැනි උත්සාහයන්ට සටන් බාර ගන්නා බව අවධාරණය කළේය.

ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට විමර්ශණ වාර්තාව එළියට...

ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට විමර්ශණ වාර්තාව එළියට...

ජනාධිපතිවරයා තවත් කියා සිටියේ, උතුර, නැගෙනහිර සහ දකුණ කොටස්වල ජනතාව එකමුතුවෙන් ජාතික ජන බලවේගයක් ගොඩනැගීම ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා වැදගත් හැරවුමක් බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය මෙහි අතිශය වැදගත් විය. ආර්ථික බිඳවැටීමෙන් පසු රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත්, වංචා හා දූෂණ තහනම් පාලනයක් ආරම්භ කිරීමටත් ජනතාව විශ්වාසය පළ කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

පසුගිය වසරේ සිදුකළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථකව අවසන් කරමින්, නව ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමත් දැක්වූ අභියෝග ජය ගැනීමට රජය කටයුතු කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා අවසන් කළේ, “අපි ගොඩනැඟුවේ සියලු ජන කොට්ඨාසවල ජනතාවගේ එකමුතුව මත වන ජාතික ජන බලවේගයක් බවයි” යන්නයි.

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...