කවුරුත් දන්නා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය අද දුන් වැදගත් නියෝගය

By Gagana News Mar 05, 2025 05:36 AM GMT
Report

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතාට පවරා ඇති විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද නියෝග කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා සිදු කළ ඉල්ලීම සලකා බලා එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

ජාතින් අතර ආගමික වෛරය පතුරවමින් දේශන සිදු කළ බවට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාට මෙසේ විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා.

උතුරේ පාලකයා අර්ජුනාලු... මෙන්න තොරතුරු

උතුරේ පාලකයා අර්ජුනාලු... මෙන්න තොරතුරු

ඔහුට විදේශ ආගමික වැඩසටහන්වලට සහභාගී වීමට වීසා අයදුම් කිරීමට විදේශ ගමන් තහනම ගැටලුවක් බව කියමින් එය ඉවත් කරන ලෙස අධිකරණයෙන් නීතිඥ මඩුල්ල ඉල්ලා සිටි අතර නීතිපති උපදෙස් සදහා නඩුව කල් තැබුණු බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන්කර සිටියේ.